Dinil Web Guide

Domain එක කියන්නේ මොකක්ද?

කඩයක් පටන් ගන්න ඉඩමක්, නමක්, ලිපිනයක් සහ ලස්සන සැලැස්මක් ඕන වගේම Website එකකටත් Domain, Hosting සහ Web Design අවශ්‍යයි. අපි ඒක ඉතා සරලව බලමු.

Story Mode

කඩයක් හදන කතාවෙන් Website එක තේරුම් ගමු

1. මුලින්ම අදහසක් ඇතිවෙනවා

“මට මගේම කඩයක් පටන් ගන්න ඕන” කියලා මුලින්ම ඔබේ හිතේ අදහසක් ඇතිවෙනවා. Website එකක් හදනකොටත් මුලින්ම එන්නේ ඔබේ ව්‍යාපාරය Online ලෝකයේ කොහොම පේන්න ඕනද කියන අදහසයි.

2. ඊළඟට කඩේට ඉඩමක් ඕන

Physical shop එකක් හදන්න ඉඩමක් අවශ්‍යයි. Website එකකටත් Internet එකේ එය තබාගෙන 24/7 run කරවන්න තැනක් අවශ්‍යයි. ඒ තැන තමයි Hosting.

Physical World: ඉඩම Online World: Hosting

Hosting නැත්නම් Website files, images සහ data Internet එකේ තබාගෙන customersට පෙන්වන්න තැනක් නැහැ.

3. දැන් කඩේට නමක් සහ ලිපිනයක් ඕන

කඩේ කොතැනද කියලා customerට හඳුනාගන්න නමක් සහ ලිපිනයක් තියෙනවා. Website එකක් Internet එකේ හොයාගන්න භාවිතා කරන unique address එක තමයි Domain Name.

google.com daraz.lk diniltech.com nalakabookshop.com
Physical World: කඩේ නම / ලිපිනය / Sign Board Online World: Domain Name

4. දැන් කඩේ ලස්සනට හදමු

ඉඩමත් තියෙනවා, කඩේ නමත් තියෙනවා. දැන් customerට ලස්සනට පේන විදිහට කඩේ හදන්න ඕන.

  • Layout
  • Colors
  • Images
  • Products / Services
  • Menus
  • Buttons
  • Mobile Design
  • Contact details
  • Online functions
Physical World: Building + Interior Design Online World: Web Design & Development

5. දැන් ඔබේ Online කඩේ Ready!

IDEA + HOSTING + DOMAIN + WEB DESIGN = YOUR WEBSITE

Simple Summary

Domain, Hosting, Web Design සරලව

DOMAIN

ඔබේ Website එකේ Internet ලිපිනය.

Example: www.yourbusiness.lk

HOSTING

ඔබේ Website files Internet එකේ තබන තැන.

WEB DESIGN

ඔබේ Website එක customerට පේන ආකාරය සහ වැඩ කරන ආකාරය නිර්මාණය කිරීම.

Real Examples

Domain Name එකක් පේන්නේ මෙහෙමයි

Website එකකට යන්න browser එකේ type කරන address එක තමයි Domain Name. “www” කොටස හැම වෙලාවෙම වැදගත්ම දේ නොවෙයි. ප්‍රධාන domain එක වන්නේ google.com, daraz.lk, diniltech.com වගේ කොටසයි.

www.google.com www.daraz.lk www.diniltech.com www.nalakabookshop.com

Easy Difference

.com, .lk, .com.lk කියන්නේ?

.com සාමාන්‍යයෙන් ලෝකය පුරා භාවිතා කරන domain ending එකක්.

.lk ශ්‍රී ලංකාවට සම්බන්ධ domain ending එකක්.

.com.lk ශ්‍රී ලංකාවේ business/organization type websites සඳහා බහුලව භාවිතා වන ending එකක්.

Domain එක BR එකක්ද?

නැහැ. Business Registration (BR) කියන්නේ වෙනම legal registration එකක්. Domain Name කියන්නේ ඔබේ Website එක Internet එකේ සොයාගන්න භාවිතා කරන address එක.

Domain Registration

Domain එකක් ලබාගන්නේ කොහොමද?

Domain එකක් කියන්නේ එකවර සදාකාලිකව මිලදී ගන්න දෙයක් නොවේ. සාමාන්‍යයෙන් Domain Name එකක් වසරක කාලයක් සඳහා Register කරගෙන, ඉන්පසු එය භාවිතා කිරීමට අවශ්‍ය නම් නියමිත කාලයට Renew කළ යුතුයි.

.com Domain එකක් ලබාගැනීම

.com වැනි International Domain Names, Domain Registrar ආයතනයක් හරහා Register කළ හැකියි.

මුලින්ම ඔබට අවශ්‍ය Domain Name එක වෙනත් කෙනෙකු විසින් දැනටමත් Register කර තිබේදැයි Search කර බලන්න.

Domain එක Available නම් එය ඔබගේ නමින් Register කරගත හැකියි.

Domain Name Search Availability Check Register Domain Annual Renewal

උදාහරණයක්: Porkbun

Visit Porkbun

.lk / .com.lk Domain එකක් ලබාගැනීම

.lk සහ .com.lk වැනි ශ්‍රී ලංකාවට අදාළ Domain Names, LK Domain Registry හරහා ලබාගත හැකියි.

ඔබට අවශ්‍ය Domain Name එක Available ද යන්න පරීක්ෂා කර, අවශ්‍ය තොරතුරු ලබාදී Registration Process එක සම්පූර්ණ කළ හැකියි.

Domain Name Search Availability Check Registration Renewal

Official Registry: LK Domain Registry

Visit LK Domain Registry

වැදගත්

Domain එක ගත්තම Website එකත් ලැබෙනවද?

නැහැ.

Domain Name එක කියන්නේ ඔබගේ Website එකට Internet එකේ භාවිතා කරන Address එක පමණයි.

Website එකක් Internet එකේ ක්‍රියාත්මක කිරීමට සාමාන්‍යයෙන් Domain Name එකට අමතරව Hosting සහ Website Design / Development අවශ්‍ය වේ.

DOMAIN

ඔබගේ Website Address එක

HOSTING

Website Files තබන ස්ථානය

WEBSITE

Customers දකින ඔබගේ Web Site එක

Dinil Web Help

Domain එකක් තෝරාගන්න උදව් අවශ්‍යද?

ඔබගේ ව්‍යාපාරයට සුදුසු .com, .lk හෝ .com.lk Domain Name එක තෝරාගැනීමට සහ Registration Process එක පිළිබඳ Dinil Web ඔබට මඟපෙන්වීම ලබාදෙයි.

අපගෙන් විමසන්න

FAQ

නිතර අසන ප්‍රශ්න

Domain එකක් නැතුව Website එකක් හදාගන්න පුළුවන්ද?

Development කරන අතරතුර temporary address එකකින් බලන්න පුළුවන්. නමුත් customersට professional විදිහට පෙන්වීමට ඔබේම domain එකක් අවශ්‍යයි.

Domain එක මගේ නමින් තියෙන්න ඕනද?

ඔව්. ඔබේ ව්‍යාපාරයට අදාළ domain එක ඔබේ නමින් ලබාගැනීම වඩා හොඳයි. එවිට ඔබට ownership එක පැහැදිලිව පවතිනවා.

Domain එකක් ගත්තම Website එක auto හදෙනවද?

නැහැ. Domain එක address එක පමණයි. Website files තබන්න Hosting සහ customerට පෙනෙන ලෙස නිර්මාණය කරන්න Web Design අවශ්‍යයි.

Dinil Web මට domain එක තෝරගන්න උදව් කරනවද?

ඔව්. ඔබේ business name එකට ගැළපෙන, මතක තබාගන්න ලේසි domain options තෝරගන්න අපි උදව් කරනවා.

Start Online

ඔබේ Website එක අදම ආරම්භ කරන්න

Domain, Hosting සහ Website design ගැන තවමත් confuse නම්, ඔබේ business එකට ගැළපෙන package එකක් තෝරාගෙන inquiry එකක් යොමු කරන්න.

අපගේ පැකේජ බලන්න